අලියා

එජාප නව නිලධාරීන් තෝරා පත්කර ගැනීම අද පැවැත්වේ

2021 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනිමට අදාළ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද පැවැත්වේ. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙ.ව. 10.30ට පැවැත්වීමට නියමිත මෙම රැස්වීමේදී පක්ෂ මහලේකම් සහ සභාපති යන තනතුරු සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන්ගේ එකඟතාවෙන් පත් කිරීම් කරන අතර නියෝජ්‍ය මහලේකම්, උප ලේකම් සහ ජාතික සංවිධායක යන තනතුරු සඳහා ද පත් කිරීම් සිදු කිරීමට නියමිතව තිබේ.

සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. එමෙන්ම 2019 වසරේදී පක්ෂ සම්මේලනයේදී සම්මත කැර ගත් පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට 2023 දක්වා පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට අවකාශය ඇති අතර නියෝජ්‍ය නායක තනතුරේද වෙනසක් සිදු නොවන බවට වාර්තා වේ.

පක්ෂ ව්‍යවස්ථාව අනුව දැනට පවතින තනතුරු වල නිල කාලය ඉදිරි මාස තුනක කාලයක් සඳහා වලංගු කිරීමටද හැකියාව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *