එජාප නව නායකත්වය තවත් මාස හයකින්

එළඹෙන පළාත් සභා මැතිවරණයට සාර්ථකව මුහුණදීම එහි අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයට තරුණයින්ගෙන් සමන්විත නව යාන්ත‍්‍රණයක් සකස් කරන බව පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව පළාත් සභා මැතිවරණයෙන් පසු එම යාන්ත‍්‍රණය තුළින් තරුණ නායකත්වයක් පත් කරන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඉකුත් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ සියලූ අපේක්ෂකයින් වෙනුවෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (15) සංවිධාන කර තිබූ දිවා භෝජන සංග‍්‍රහයේදීයි.

මෙම හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එම පක්ෂයේ නායකත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ නව නායකත්වයක් තෝරාපත් කර ගැනීම සඳහා තවත් මාස 6 ක කාලයක් ලබාදීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *