කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිබත් වූ එනීමට ම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක පවසයි.
නාවික හමුදාව පැවසුවේ මේවනවිට ගිනිගත් නෞකාවේ පසුපස කොටස සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලී ඇති බවය.
නෞකාව මේවනවිට ඇති ස්ථානයේ මුහුදේ ගැඹුර මීටර් 22 කි.
කෙසේවෙතත්, නෞකාව තුළ ඇති මෙට්ට්‍රික් ටොන් 322 ක ඉන්ධන තොගය සම්බන්ධයෙන් මේවනවිටත් පැහැදිළි වාර්තාවක් නිකුත් වි නැත.
නෞකාව වටා ඉන්දන පැල්ලමක් සේ සලකුණු ඇතත්, ඉන්දන කාන්දුවක් වී ඇත්දැයි මේවනතෙක් බලධාරීන් තහවුරු කර නැත.
ඉන්දන කාන්දුවක් වුවහොත් ඉන් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා මේවනවිටත් සියලු කටයුතු සූදානම් බව බලධාරීන් පැවසුවේය.