උසස් පෙළ

උසස් පෙළ විභාග මධ්‍යස්ථානවලට ලබාදුන් ‘සෞඛ්‍යාරක්ෂිත පහසුකම්වලිනුත්’ ගසා කාළා ?

උසස් පෙළ විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂිත කටයුතු සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබා දුන් රුපියල් පහළොස් දහසක මුදල වැය කළ ආකාරය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්ථා වේ.

මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ එම මුදලින් විභාග මධ්‍යස්ථානවලට නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත පහසුකම් නොලැබුණු බවට ලංකා ගුරු සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට වන අර්හර සියලුම විභාග මධ්‍යස්ථාන සඳහා රුපියල් පහළොස් දහස බැගින් ලබාදීමට අමාත්‍යාංශයට රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වෙන් කිරීමට සිදු ව තිබුනි.

මෙලෙස ලැබුණු මුදලින් බොහෝ කලාප අධ්‍යක්ෂවරුන් තම කලාපයේ සියලුම විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය මිලදී ගෙන බෙදාහැරීමට කටයුතු කළ බවත් ඒවා විභාග මධ්‍යස්ථානවලට ප්‍රමාණවත් නොවූ බවත් ලංකා ගුරු සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප්‍රථමයෙන්ම උතුරු මැද පළාතට පරික්ෂණ කණ්ඩායම් ගොස් සිටි බවද එම පළාත් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *