උතුරු පළාත හා කොළඹ,ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවලට හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය අද පැය 8ට ඉවත් කරයි

දැනට පවතින ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් උතුරු පළාතටත් හැර අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම අද (23) උදෑසන 6.00 ට ඉවත් කර යළි දහවල් 2.00 ට පනවනු ලබයි.

එම ඇඳිරි නීතිය ඉවත් කරන කාලය තුළ අදාළ දිස්ත්‍රික්කවල ජනතාවට වෙළෙදපොල වෙත ගොස් භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන රජයෙ මේ වනවිටත් සළසා ඇති අතර භාණ්ඩ මිලදී ගැනීමට නිවසකින් එක් පුද්ගලයෙකු පමණක් වෙළෙඳසැලට පැමිණිය යුතු බවත් එහිදී කුඩා දරුවන් හා වයෝවෘද්ධ පුද්ගලයන් නොයා යුත් බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

උණ ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් රෝගී තත්වයකින් පෙළෙන අයෙක් නම් වෙළෙඳපොල වෙත නොයා යුතු අතර, ස්වයං නිරෝධානයට ලක්විය යුතු බවට හඳුනාගත් අයෙකු වෙළෙඳපොල වෙත පැමිණියහොත් ඔහුට දඬුවම් ලැබීමට සිදුවන බව පොලීස අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *