ඊයේ (21) දිනයේ තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වීමත් සමගම මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙලෙස මිය ගිය 10 දෙනා අතරට කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් හත් දෙනෙක් ඇතුලත් වේ. කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් මෙලෙස මිය ගොස් තිබේ.
මෙම දස දෙනාගෙන් දෙදෙනෙක් නිවෙස්වල ම මියගොස් ඇති අතර තවත් අයෙක් රෝහල්ගත කරන විට මියගොස් ඇති බව වාර්තා වේ.