ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 28ක් වාර්තා වේ

ඊයේ (14) දිනයේ මෙරටින් කොවිඩ් -19 නව ආසාදිතයින් 28 දෙනෙකු හමුවීමත් සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 3,262ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් අතර ඊයේ දිනයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකුත්, ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙකු, බහරේන් සිට පැමිණි නාවිකයින් 4 දෙනෙකු, හා බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු වන බවට වාර්තා වේ. එමෙන්ම කුවේට්, කටාර් සහ වියට්නාමය වැනි රටවල සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ද කොවිඩ්-19 ආසාදිතයින් ලෙස තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 244 ක් වන අතර මේ වනවිට වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයින් 3262ගෙන් 3005 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *