ඊයේ ඇතිවූ විදුලි අර්බුදය සොයාබැලීමට කමිටුවක්, වාර්තාව සතියක් ඇතුළත

ඊයේ (17) සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බවත් ඒ අනුව අද පෙරවරු 8.30ට එම කමිටුව රැස්වීමට නියමිත බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා පවසයි.

අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම සිද්ධිය අධ්‍යයනය කර ඊට අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බවයි. මෙම සිද්ධිය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවට විශ්වාසය පළ කරන ඔහු, 2016 වර්ෂයේදීත් මීට සමාන සිද්ධියක් වාර්තා වී ඇති බවත් මෙවැනි අර්බුද ඉදිරියේදි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවත් වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *