පුත්තලම ප‍්‍රදේශයේ නෞෂාඞ් මන්හාඩ් නැමැති 26 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ඊයේ (20) දහවල් පුත්තලම රත්මල්යාය ප‍්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් තුළට ගොස් සිය සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.
ගිනි තබා ගැනීමෙන් ඔහුගේ සිරුර හදුනාගත නොහැකි තරමටම දරුණු ලෙස පිළිස්සීමට ලක්ව ඇති අතර ඔහු දේවස්ථානය තුළදීම මරණයට පත්ව ඇත.
මෙම තරුණයා මෙසේ දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරති.