ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් රජය කිසිදු තීන්දුවක් මේ වනතෙක් ගෙන නැති බව ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ මහතා මේ පිළිඹදව අදහස් දැක්වූයේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළේදැයි ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මාර්ගගත ක්‍රමය ඔස්සේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (26) පැවැත්විණි.