ඉදිරි සිව් වසර ඇතුළත මෙරට මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

මෙරට ඇති මාර්ග පද්ධතිය ඉදිරි සිව් වසර තුළ ප‍්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා සිටියි. දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්ය භාරය සහ වගකීම පිළිබද දැනුවත් කිරීමට ජනාධිපති කාර්යාලයේ ඊයේ (31) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා සදහන් කළේ දිවයිනේ සියළු දිස්ති‍්‍රක්කවල තත්ත්වය සමාලෝචනයටත්, පවතින ගැටළුවලට කඩිනමින් විසදුම් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගන්නා බවයි. දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් මෙහිදී ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ දිස්ති‍්‍රක්ක රැසක ජනතාව මුහුණදී සිටින ගැටළුවලට විසදුම් ලබාදෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සකී‍්‍රයව දායක වන ලෙසයි.

එමෙන්ම 2015 දක්වා රජය කි‍්‍රයාත්මක කළ, මේ වනවිට නතර වී ඇති ඉදිකිරීම් සියල්ලෙහි වැඩ අවසන් කළ යුතු බවයි මෙම සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතා කියාසිිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *