වැල්ලම්පිටිය

ඇඳිරි නිතිය උල්ලංඝණය කළ 302 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 37 දෙනෙකු ඊයේ දිනය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ පසුගිය 04 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 302 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19ක් ආශ්‍රිතව පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය අද දිනයේද ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *