නව කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා දිවයින් තුළ දැනට පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් මස මුල් සතිය පුරා බලාත්මක කිරීමට ඇමැති මණ්ඩලය ඊයේ (25 වැනිදා) අවධානය යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී කොවිඩ් – 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානයට ලක්වූ අතර ජනතාවට අවශ්‍ය සහන ලබා දෙමින් දැඩි තීන්දු තීරණ ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. අඩු ආදායම්ලාභී ජනතාවට බඩු මල්ලක් ප්‍රදානය කිරීම ගැනද මෙහිදී සාකච්ඡා කර ඇත.