ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කිරීමේ පනතට කථානායකවරයාගේ අනුමැතිය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට තම සහතිකය ලබාදුන් බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව, 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කෙරෙන අතර, එම ධුරයද නිල වශයෙන් අහෝසි වේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය පිහිටුවන ලද්දේ ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහාය.

අදාළ පනත් කෙටුම්පත අගෝස්තු 4 වැනිදා පාර්ලිමේන්තුවට පළමු වර කියවා ඉදිරිපත් කර ඇති අතර, සැප්තැම්බර් 9 වැනිදා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර තිබේ.

පනත බලාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ ආරක්ෂක විෂය භාර අමාත්‍යාංශයට පවරනු ලැබේ.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2026 අංක 22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (අහෝසි කිරීමේ) පනත ලෙස බලාත්මක වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *