ආණ්ඩුව බඩු මිල අඩු කරන්නේ සජිත් නිසයි – හෙක්ටර් අප්පුහාමි

ආණ්ඩුව අත්‍යාවශ්‍ය භාණ්ඩ වල බඩු මිල අඩු කරනවා නම් එය සිදු කරන්නේ විපක්ෂ නායකවරයාගේ ජංගම සේවාවේ ප්‍රතිඵලයක් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ මහතා පෙන්වා දෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල ජංගම සේවා වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, එහිදී ජනතාව මූලික වශයෙන් හඬ නඟන්නේ බඩු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් බවත්ය. එබැවින් මේ මොහොතේ ආණ්ඩුව භාණ්ඩ මිල අඩු කරන්නේ විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන නිසා යැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *