ආණමඩුව මුලික රෝහල තුළ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් අද දින සිට ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
ඒ අනුව ආණමඩුව රෝහලේ ආරම්භ කළ නව කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට රෝගින් ඇතුළත් කිරීම අද සිටම සිදුකරන බව දිස්ත්‍රික් සෞඛ්යස සේවා අධ්‍යක්ෂවරිය කියා සිටියාය. කොවිඩ් ඒකකය සඳහා අවශ්‍ය සුදානම් කිරීම් රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදුකරමින් පවතී.