සහරාන්ගෙන් ත්රස්ත පුහුණුව ලැබූ, ත්රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පසුගියදා මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණිය විසින් ආන්දොලනාත්මක් තොරතුරු රැසක් පොලිසිය වෙත අනාවරණය කර ඇති බවට වාර්තා වේ.
එම තරුණිය අනාවරණය කර ඇත්තේ ආගමේ නාමයෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සහරාන් හෂීම් ඉදිරියේ කාන්තාවන් 15 දෙනෙකු ප්රතිඥා දී ඇති බවටයි.
මොහොමඩ් ඊබ්රාහිම් සහිඩා වන ඇය මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්රධාන සැකකරුවන් වන මොහොමඩ් ඊබ්රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනාගේ සහෝදරියයි. පාස්කු ප්රහාරයෙන් දින කිහිපයකට පසු ගම්පොළ පාවහන් වෙළෙඳසැලක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට පත් ෂාහිඩ් සහෝදරයින් දෙදෙනා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. මෙම තරුණියද අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීම් වලින් අනතුරුව ඇප මත නිදහස්ව සිටි අතර පසුගියදා ඇයව යළි අත්අඩංගුවට ගැනුණි.
ඒ අනුව ඇය හෙළි කර ඇත්තේ තමා ඇතුළු කාන්තාවන් 15 දෙනෙකු 2018 කාත්තන්කුඩිහිදී සහරාන් හෂීම් විසින් පැවැත්වූ අන්තවාදී දේශනවලට සහභාගී වූ බවයි. එම දේශන වලදී තමා ඇතුළු එම 15 දෙනාම ආගම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සූදානම් බවට සහරාන් ඉදිරියේ ප්රතිඥා දුන් බවටත් ඇය අනාවරණය කර තිබේ. මෙම ප්රතිඥාව ම “බයියත් කිරීම” ලෙසින් හැඳින්වෙන බවත් ඇය ප්රකාශ කර තිබේ.
එලෙස ප්රතිඥා දුන් කාන්තාවන් අතරින් පස්දෙනෙකු පාස්කු ප්රහාරයෙන් පසු සයින්දමරුදු හි දී සිදුවු පිපිරීමෙන් මියගොස් තිබේ.
සහරාන්ගේ මව අබුදුල් සතාර් සිත්ති උම්මා, සහරාන්ගේ සහෝදරියක වන මොහොමඩ් කාසිම් හිදායා, අන්තවාදී ක්රියාවලට සම්බන්ධ මොහොමඩ් සෙයිනාගේ බිරිඳ වන ආදම් ලෙබ්බේ ෆාතිමා, සහරාන්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳ මොහොමඩ් නස්හත් ෆාතිමා නෆ්නා, අන්තවාදී ක්රියාවලට එක් වූ අසාද්ගේ බිරිඳ වන ෆෙරෝසා යන අය ඒ අතර වෙති.
මීට අමතරව රක්ෂිත බන්ධනාගාරගතව සිටින මරාගෙන මැරෙන්නට ප්රතිඥා දුන් කාන්තාවන්ගේ නම්ද ඇය විසින් හෙලිදරව් කර ඇත.
ඒ අතර සහරාන් හෂීම්ගේ සහෝදරිය මොහොමඩ් කාසිම් හිදායා, මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ සිද්ධියේ සැකකරුවෙකු වන සාදික්ගේ බිරිඳ වන මොහොමඩ් පලීල් ෆාතිමා සාහිදා, පාස්කු ප්රහාරයට අදාළව ඩුබායි හිදි අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳ වන මොහොමඩ් අහමදුල්ලා ෆාතිමා ජුස්තා යන අයද වේ.
ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ පසුවෙන මරාගෙන මැරෙන්නට ප්රතිඥා දුන් සෙසු කාන්තාවන්
හත්දෙනෙකු සිටිනා බවද ඇය විසින් පවසා තිබේ.
සහරාන්ගේ රියදුරා වූ ගෆුර් මාමා නමැත්තාගේ බිරිඳ වන උදුමාලෙබ්බේ ෆරිසානා, සහරාන්ගේ ළඟම ඥාතියෙකුගේ බිරිඳ වන කාත්තන්කුඩිහි මුම්මදු හනීෆා නුස්රා, මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳගේ මව වන මොහොම්මදු සාලිහ් ජුෆයිඩියා, කාත්තන්කුඩිහි දරුල් අදර් පල්ලියේ සභාපති රවුෆ්ගේ දියණියක වන 22 හැවිරිදි අබ්දුල් රවුෆ් ෆාතිමා සාරා සහ ඇගේ මව වන වන අබ්දුල් කුද්දාස් සිත්ති සාතුනා, කාත්තන්කුඩිහි පදිංචිව සිටි සෙයියදු අහමදු අස්මියා හා
පසුගියදා අත්අඩංගුවට පත් 24 හැවිරිදි මොහොමඩ් ඊබ්රාහිම් සහිඩා යන මෙම තරුණියද ඒ අතර වේ.