අ.පො.ස උසස් පෙළ විභාගය 23 වැනිදා සිට, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

2022 G.C.E. උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්. අමිත් ජයසුන්දර මහතා පැවසීය.

දිවයින පුරා මධ්‍යස්ථාන 2200කදී මෙම විභාග පැවැත්වෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

2023 ජනවාරි 17 වැනි අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු උපකාරක පන්ති, සම්මන්ත‍්‍රණ, වැඩමුළු සහ ඒ ආශ්‍රිත අනෙකුත් කටයුතු පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. මේ සම්බන්ධ ඕනෑම පැමිණිල්ලක් පහත දුරකථන අංක ඔස්සේ ගොනු කළ හැක.

• පොලිස් මූලස්ථානය – 011 2421111
• පොලිස් ක්ෂණික ඇමතුම් අංකය – 119
• විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය – 1911
• විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය – 0112 785211 / 0112 785212
• පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාව – 0112 784208 / 0112 784537

Leave a Reply

Your email address will not be published. Required fields are marked *