2020 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියි.
මේ අතර මෙම වර්ෂයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට මෙතෙක් කිසිදු තිරණයක් ගෙන නොමැති බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියි. විෂය නිර්දේශය ආවරණය වී නොමැති නම් සහ සිසුන්ට දුරස්ථ මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය තුළින් එම ආවරණයන් ලැබී නොමැති නම් ඒ සම්බන්ධයෙන් සිසුන් සහ ගුරුවන් සමග සාකච්ඡා කර විභාග පැවැත්වීම පිළිබදව තීරණයකට එළඹිය යුතු බවයි ඒ මහතා වැඩිදුටරත් සදහන් කර සිටින්නේ.