එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළදී අවුරුදු උත්සව, හා වසන්ත සැණකෙලි පැවැත්වීමට අනුමැතිය ලබානොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. එමෙන්ම අනවශ්‍ය ගමන් බිමන් සීමා කර අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පමණක් නිවාසවලදී කිරීමට අනුමැතිය ලබාදීමටයි අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත්තේ. අවශ්‍යතාවයක් මතු වුවහොත් ජනතාව අනවශ්‍ය පරිදි ගමන් බිමන් යාම පාලනය කිරීමට සංචරණ සීමා පැනවීමටද අමාත්‍යාංශය සාකච්ඡා කර ඇත.
කොළඹ සිට ගම්බිම් කරා යන සියලුම පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමටත්, ගම් මට්ටමින් එලෙස පැමිණෙන පුද්ගලයන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පී.සී.ආර්. පරීක්ෂණද සිදු කිරීමට සැලසුම් කර ඇත.
මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායට අද (29) ඉදිරිපත් කිරීමට නියමිත අතර, සංශෝධනයන්ට ලක් කිරීමෙන් අනතුරුව අවුරුදු සමය වෙනුවෙන් කොවිඩ් මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර සිටියි.