පාසල්

අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් වසා දැමීමේ තීරණ පළාත් අධ්‍යාපන බලධාරීන්ට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම සම්බන්ධ තීරණ ගැනීමේ වගකීම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ(21) නිවේදනය කර තිබේ.

ඊයේ පෙරවරු 9.00 වන විට පළාත් බලධාරීන් විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ මධ්‍යම පළාතේ පාසල් 35ක්, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වලින් එක් පාසල බැගින් පාසල් තුනක් ඇතුළුව පාසල් 38ක් වසා තැබීමට තීරණය කර ඇති බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිසුන්ගේ සහ පාසල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පාසල් වසා තැබීමේ පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන කාලගුණ තත්ත්වයන්ට අනුව අවශ්‍ය පියවර ගැනීමට පළාත් අධ්‍යාපන බලධාරීන්ට නම්‍යශීලීව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදීමද මෙම තීරණයේ අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *