කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18) දිනයේ තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. එමෙන්ම අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රිවරුන් ඇතුළු 22 දෙදෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයාගේ පුතුන් දෙදෙනා, රියදුරා, ආරක්ෂක නිලධාරීන් හා ලේකම්වරුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව අද (19) සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.