නාඩු කිලෝවක් රුපියල් 93 ක මිලකටත්, රතු හා සුදු කැකුළු කිලෝවක් රුපියල් 95 කටත් අළෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඒ අනුව අප්‍රේල් මස පළමු වැනදා සිට සතොස හා සමූපකාර වෙළදසැල්වලට අමතරව පුද්ගලික අංශයේ සුපිරි වෙළද සැල් ජාලයටද වී අළෙවි මණ්ඩලය මගින් අවශ්‍ය සහල් තොග ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටින්නේ ඉදිරි මාස තුනක කාලය සදහා මෙම මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලය මගින් අවශ්‍ය සහල් තොග ලබා දීම හා ප්‍රවාහණයද සිදු කරන බවයි.