අඳිරි නීතිය වෙලාවේත් ෆේස්බුක් සාදයක්, 12 ක් අත්අඩංගුවට

කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් වැටලූ කළුතර දිසා දුෂණ මර්දන ඒකකය එහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ. වයස අවුරුදු 22-42 අතර පසුවන කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය සංවිධානය කර ඇත්තේ ලව්වා නැමති ප්‍රධාන සැකකරුවකු වන අතර ඔහු තම පුතා යොදවා මෙම සාදය තුල මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම සැකකරුවන් සතුව තිබී මත් පෙති අයිස්හෙරොයින් කේ.ජී. යන මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි.

කලුතර දිසා දුසණ මර්දන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරාලගේ පොලිස් සැරයන් සුසිල් 45783 විසින් මේ පිළිඹද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *