අනිසි මිල ගණන්වලට වාහන මිලට ගන්න එපා – වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් වන අතර, එය වසර 2ක් පමණ කාලයක් ක්‍රියාත්මක වන බවට මතයක් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසනවා. ඔහු පවසන්නේ මේ හේතුව නිසා වෙළෙඳ පොළේ ඇති වාහන සීඝ්‍රයෙන් අවසන් වන බවත්, එම වාහන ඉහළ මිල ගණන්වලට අලෙවි වන බවත්ය.

ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ රජයේ මුදල් සංචිත ප්‍රශ්නයක් නිසා මෙලෙස අත්‍යවශ්‍ය නොවන ආනයන සිමා කර ඇති බැවින් මෙය තාවකාලික තත්වයක් බැවින්, අනිසි මිල ගණන්වලට වාහන මිලට නොගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මෙම තත්වය මත වාහන වෙළෙන්දන්ගෙන් 40%ක් පමණ බංකොලොත් වී ඇති බවයි ඒ මහතා පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *