වැල්ලම්පිටිය

අද සහ හෙට විශේෂ පොලිස් මාර්ග බාධක යෙදවේ

ඊයේ (03) රාත‍්‍රී 10.00 සිට 05 වැනිදා (සෙනසුරාදා) අලූයම 4.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන පසුබිමක එම කාල සීමාව තුළ විශේෂ මාර්ග බාධක යොදවන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා සියලූ පොලිස් ස්ථානවෙත දැනුම් දී තිබේ.

එමෙන්ම ඇඳිරි නීතිය පණවා තිබෙන අද සහ හෙට දිනයන්හිදී බලපත‍්‍රලාභීන්ට හෝ අවසර ලත් සෙසු අයට හැර කිසිවකුට නිවෙස්වලින් බැහැරව යා නොහැකි බවයි පොලිසිය අවධාරණය කර සිටින්නේ. අනවශ්‍ය මහජන ඒකරාශි වීම් වලක්වාලීම ඇඳිරි නීතිය පනවා තිබීමේ අපේක්ෂාව බවත්, ඒ අනුව අදාළ කාළ සීමාව තුළ නිවෙස්වලම රැඳී සිටින ලෙස නැවත ඉල්ලීමක්ද කෙරෙනවා.

ඇඳිරි නිතිය පනවා තැබෙන කාලයේදී ඒ අනුව ඇඳිරි නීතිය අවස්ථාවේ ධාවනය වන වාහන සහ මාර්ගයේ ගැවසෙන පුද්ගලයින් නිරන්තර පරීක්ෂාකිරීම්වලට ලක් කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *