පාර්ලිමේන්තු රැස්වීම අද (21) දිනයේදී සහ ලබන සතියේ 27, 28 යන දෙදින තුළදී පැවැත්වීමට නව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙසින් අද දිනයේදී විවාදයට ගැනෙනු ඇත.
මේ අතර සැප්තැම්බර් 01 වැනිදා සිට ඉදිරි මාස 04 ක කාලයක් සඳහා රජයට අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක්ද සිදු කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වේ.