සිංහරාජ වනාන්තරයට මායිම්ව ඇතැයි කියන ලංකාබේරිය ප්‍රදේශයේ ගෝණ දඩයමේ ගිය බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සූරියකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිට සහ එම පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපලවරයා රුපියල් ලක්ෂ හතරක ශරීර ඇප මත මුදාහරින ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.ඩී.දසනායක මහතා නියෝග කළේය.
මෙසේ ඇපමත මුදාහැරුනේ පොලිස් පරීක්ෂක ලාල් පෙරේරා සහ කොස්තාපල් රවිදු එරංග යන දෙදෙනායි .
කොළඹ මධ්‍යම අපරාධ ඒකකය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය .


