විදේශීය බලපෑම්වලට එරෙහිව දේශපාලන පක්ෂ ශක්තිමත් කිරීම ගැන කවින්ද ජයවර්ධන බ්‍රසල්ස්හිදී අදහස් දක්වයි

සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා විදේශීය මැදිහත්වීම් සහ වෙනත් අහිතකර බලපෑම්වලට මුහුණ දීමේදී දේශපාලන පක්ෂවල ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර වටමේස සාකච්ඡාවකට ආරාධිත කථිකයෙකු ලෙස සහභාගී වීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා “Political Parties Under Pressure: How to Strengthen the Resilience of Parties Against Malign Influence from Third Actors” යන තේමාව යටතේ  පැවැත්වෙන මෙම වටමේස සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.

කොන්රාඩ් ඇඩනවර් පදනම (KAS) සහ යුරෝපීය දේශපාලන පදනම් ජාලය (ENoP) එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි.

යුරෝපීය දේශපාලන පදනම්වල නියෝජිතයන්, යුරෝපා සංගමයේ ආයතන සහ චින්තන පර්ෂදවල විශේෂඥයන් මෙන්ම ලොව පුරා හවුල්කාර කලාප නියෝජනය කරන පාර්ශ්වකරුවන් ද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතය.

ආරම්භක සැසියේදී මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අදහස් දැක්වීමට නියමිත අතර, යුරෝපය තුළ මෙන්ම ඉන් පිටතද දේශපාලන පක්ෂ මුහුණ දෙන අහිතකර බාහිර බලපෑම් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

විදේශීය තොරතුරු හසුරුවීම සහ මැදිහත්වීම, රහසිගත මූල්‍ය සැපයීම්, සයිබර් මෙහෙයුම් සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාර ඇතුළු කරුණු එහිදී අවධානයට ලක් කිරීමට නියමිතය.

මෙම තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් ඉදිරිපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද ජයවර්ධන මහතා අදහස් දැක්වීමට නියමිතය.

මෙම වටමේස සාකච්ඡාව Chatham House Rule යටතේ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *