විදුලි බිල්පත් සහනයට රුපියල් බිලියන 17.2ක අතිරේක ප්‍රතිපාදන අනුමත කරයි

විදුලි බිල්පත් සඳහා ජනතාවට සහනයක් ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 17,213ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට අදාළ 2026 වසරේ අතිරේක ඇස්තමේන්තුව අංක 05  පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.

මෙම මුදල් 2026 වසර සඳහා විවිධ අමාත්‍යාංශ වෙත මුලින් වෙන් කර තිබූ නමුත් වසර අවසන් වන විට සම්පූර්ණයෙන් භාවිත නොවනු ඇතැයි හඳුනාගෙන ඇති ප්‍රතිපාදනවලින් නැවත වෙන් කිරීමට නියමිතය.

මෙලෙස ප්‍රතිපාදන නැවත වෙන් කිරීමෙන් 2025 අංක 23 දරන විසර්ජන පනත යටතේ අනුමත කර ඇති සමස්ත රාජ්‍ය වියදම් සීමාවට හෝ රජයට ලබාගත හැකි උපරිම ණය සීමාවට කිසිදු බලපෑමක් සිදු නොවන බව සඳහන් වේ.

මෙම අතිරේක ඇස්තමේන්තුව පොදු මූල්‍ය පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *