වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ගැටුමට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීම සඳහා බන්ධනාගාර සහකාර අධිකාරිවරයෙකු පත් කර ඇති බව බන්ධනාගාර බලධාරීහු සඳහන් කළහ.
මෙම ගැටුම 22 රාත්‍රියේ වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටි අවස්ථාවේදී දෙදෙනා අතර ඇති වී ඇති බව වාර්තා වේ.
ගැටුමේදී ‘කෙහෙල්බද්දර පද්මේ’ තුවාල ලබා ඇති අතර, අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහු මේ වන විට වැලිසර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.


