ව්‍යාජ තොරතුරු ඇතුළත් ලේබල් යොදා පළතුරු පානයක් බෙදාහැරීම ඇතුළු චෝදනා 16කට වරදකරු වූ වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 42,000ක දඩයක් නියම කර තිබේ.
නඩුවේ තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා වැටලීමේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ ලේබල් සහිත පළතුරු නෙක්ටර් තොගය සම්පූර්ණයෙන්ම විනාශ කරන ලෙසද නියෝග කර ඇත.
අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා වසර පහක පමණ කාලයක් මෙම කුඩා පරිමාණ ව්‍යාපාරය පවත්වාගෙන යමින් බලධාරීන්ගෙන් බේරී සිට ඇති බවයි.
රහසිගත මෙහෙයුමක් මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ ස්ථානය වැටලීමට කටයුතු කර තිබේ.
වැටලීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සැකකරුට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, එහිදී ඔහු චෝදනා 16කට වරදකරු කරමින් මෙම දඩය නියම කර ඇත.


