රියදුරු බලපත්‍රයක වලංගු කාලය තවදුරටත් තාවකාලිකව දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. රියදුරු බලපත්‍ර ජුලි මස 31 වැනි දින දක්වා වලංගු බවට අදාල ගැසට් නිවේදනය ඊයේ (20) දිනයේ ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැයි මස 31 වන දිනෙන් අවලංගු වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගුකාලය ජුලි මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබේ.