රට යවනවා කියා කෝටි ගණන් වංචා කළ 40 හැවිරිදි කාන්තාව කොටුවෙයි

විදේශගත කරන බව පවසමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධව අධිකරණය මඟින් වරෙන්තු 12ක් නිකුත් කර තිබූ 40 හැවිරිදි කාන්තාවක් රාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, ලද රහසිගත තොරතුරකට අනුව රාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය බදාදා (04) රාත්‍රී කාලයේ ගින්කෙන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.
රාගම ප්‍රදේශයේම පදිංචිකාරියක වන මෙම කාන්තාව, විදේශ රටවල රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන වංචා කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මීට අදාළව අධිකරණයේ විභාග වන නඩුවලට පෙනී නොසිට දිගින් දිගටම අධිකරණය මඟහරිමින් සැඟව සිටීම හේතුවෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇයට එරෙහිව වරෙන්තු 12ක් නිකුත් කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද (05) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, රාගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.




