අප්‍රේල් මස 25 වැනිදාට කල් දමා තිබූ පාර්ලිමේන්තු මහ මැතිවරණ ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි. ඒ අනුව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද රාත්රියේදී නිකුත් කිරීමට නියමිතයි.
මිට පෙර අප්‍රේල් මස 25 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබූ නමුත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය මත මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව මිට පෙර පියවර ගනු ලැබුණි.