කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්රදේශ වල ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්රික්කයේ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම දීමනාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි ගම්පහ දිස්ත්රික් ලේකම් සුනිල් ජයලත් සඳහන් කළේ. අදාළ දීමනාව සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 40ක්.