පන්දහසේ දීමනාව ලබාදීම අද සිට

කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම දීමනාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් සඳහන් කළේ. අදාළ දීමනාව සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 40ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *