නිරෝධායන මධ්‍යස්ථාන 4කදී දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ කළ තවත් 155 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද (04) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ඊයේ දිනය වන විට විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටි පුද්ගලයින් 2598 දෙනෙකු සිය නිවෙස් බලා පිටව ගොස් තිබුනා. කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ තවත් 1741 දෙනෙකු තවදුරටත් මධ්‍යස්ථාන 40 ක රැදී සිටින බවත් තවත් පුද්ගලයින් 49 දෙනෙකු කොච්චිකඩේ රෝහලක නිරෝධායනය වන බවයි.