ඩුබායි සිට රත්‍රං ග්‍රෑම් 916ක් නීතිවිරෝධීව රැගෙන ඒමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට

ඩුබායි සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රත්‍රං රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකපිට 38 හැවිරිදි කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ලැබුණු තොරතුරක් මත සඳුදා (28) ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිසිය සඳහන් කළේ, සැකකාරිය සන්තකයේ තිබී රත්‍රං පාර්සල් 12ක් සොයාගත් බවත්, එම පාර්සල්වල සමස්ත බර ග්‍රෑම් 916ක් බවත්ය.

අත්අඩංගුවට ගත් කාන්තාව අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන සඳහා ඇය පසුව කටුනායක ගුවන්තොටුපොළේ අදාළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *