රුපියල් මිලියන 21ක පමණ මුදලකට අදාළ අපරාධමය විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැවරූ නඩුවෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
දීර්ඝ කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළාය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ ගම්මන්පිල මහතාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.
ඒ අනුව, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණේ ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් මහතාට අයත් සමාගම් කොටස් ව්‍යාජ බලපත්‍රයක් භාවිත කරමින් නීතිවිරෝධී ලෙස අලෙවි කළ බවට ගම්මන්පිල මහතාට එරෙහිව එල්ල වූ චෝදනා මතය.
එම ගනුදෙනුව හරහා රුපියල් මිලියන 21කට ආසන්න මුදලකට අදාළ අපරාධමය විශ්වාසය කඩ කිරීමක් සිදු කළ බවට ගම්මන්පිල මහතාට චෝදනා එල්ල වී තිබිණි.


