ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් වී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.
බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතුද ජනාධිපතිවරයා විසින් පැමිණ සිටි පිරිසට පැහැදිළි කරනු ලැබීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ කොවිඩ් 19ත් සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත් වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බවත්, සමස්ථ අපනයනයෙන් 43%ක් නියෝජනය කරන ඇඟළුම් කර්මාන්තය අපනයන ආදායමට වාර්ෂිකව එක්කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 05ක් පමණ අගයක් වන බවයි. එැබැවින් රැකියා සැපයීමේ දී සහ ප්‍රාදේශීය සංවර්ධනයේ දී ඇඟළුම් කර්මාන්තය පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන බවත්, එය ශක්තිමත් කරමින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.