කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සැප්තැම්බර් මස අග වන විට නැවත විවෘත කිරීමට රජය අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණක් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම පුරවැසියන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් සංචාරකයින්ට ද ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සැලසෙන බවද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපල 2020 මාර්තු සිට තාවකාලිකව වසා දමනු ලැබුවා. ඒ කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන්.