ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් 3ක්

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට සහාය දැක්වීමේ අරමුණින් ඉන්දියාවෙන් ක්ෂය රෝග මර්දන ඖෂධ ටොන් තුනකට ආසන්න ප්‍රමාණයක් කොළඹට එවා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සඳහන් කළේ, ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130J ගුවන් යානයකින් මෙම ඖෂධ තොගය කොළඹට රැගෙන ආ බවයි.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට සහාය දැක්වීමට ඉන්දියාව අඛණ්ඩව කැපවී සිටින බවද ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *