ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 5185දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (27) උදෑසන 6.00යේ සිට අද (28) උදෑසන 6.00 දක්වා වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙක් සහ වාහන 260ක් පොලිස් අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.
මේ අතර පසුගිය 20 වනදින පස්වරු 6.00 සිට අද උදෑසන 6.00දක්වා ගතවූ කාලය තුළ පමණක් රථවාහන1293ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩි දුරටත් වාර්තා කරයි.