PUCSL සභාපති ඉවත් කිරීමට රජය සූදානම් වෙයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් එකඟ වූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

“මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායකට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කර තිබෙනවා” යැයි මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසීය.

නව විදුලි ගාස්තු ව්‍යුහය මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළහොත් එදින සිට අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලයට හැකි වනු ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *