2018 වසරේ වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්රදේශයේදී ගිනිඅවි සහ පුපුරණ ද්රව්ය එක්රැස් කිරීමේ සිද්ධියට අදාළ චෝදනාවලට වරද පිළිගත් නවුෆර් මවුලවි ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකුට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 12 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.
සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් සමඟ සම්බන්ධ වෙමින් මෙම ගිනිඅවි හා පුපුරණ ද්රව්ය එක්රැස් කිරීමේ සිද්ධියට අදාළ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස වරද පිළිගෙන ඇත.
2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර නඩුවට අදාළව වරදකරු වීම හේතුවෙන් නවුෆර් මවුලවිට මීට පෙර, 2026 සැප්තැම්බර් මාසයේදී බරපතළ වැඩ සහිත වසර 220ක සිරදඬුවමක් ද නියම කර තිබිණි.


