PCR පරීක්ෂණ සඳහා වෛද්‍යපීඨවල සහය ලබා ගැනීමට පියවර

PCR පරීක්ෂණ සිදුකිරීම සඳහා මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ (14) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවට තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන්නේ සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට අදාළ ඉල්ලීම පිළිබඳ ඊයේ දිනයේ දීම දැනුම්දුන් බවත් එම ඉල්ලීමට සියලුම විශ්විද්‍යාලවල උපකුලපතිවරුන් යහපත් ප්‍රතිචාර පළකර ඇති බවත්ය.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර, ගාල්ල, කොළඹ, යාපනය සහ පේරාදෙණිය වෛද්‍ය පීඨවල PCR පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *