ඕස්ටේ්රලියාවේ සිට ඉතාලිය බලා යන MSC මැග්නිෆිකා නම් මගි නෞකාවේ සිටින අනුර බණ්ඩාර නම් වූ ශී‍්‍ර ලාංකිකයාට මෙරටට ගොඩ බැසීම සඳහා අවස්ථාව උදාවී තිබෙනවා.
අදාළ සූපවේදියා තමන්ට ශී‍්‍ර ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක්ද නිකුත් කරමින් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණු අතර ඔහු කියා සිටියේ තමන්ට මෙම අවස්ථාවේ ශී‍්‍ර ලංකාවට පැමිණීමට නොහැකි වුවහොත් යළි මෙරටට පැමිණීම ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇති බවයි. ඒ අනුව ජනාධිපති කාර්යාලයෙන් අදාළ නෞකාවට සහ නෞකා සමාගමට කළ දැනුම්දීම මත එම ශී‍්‍ර ලාංකිකයාට අද (06) දිනයේ මෙරටට ගොඩ බැසීමට අවසර ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
MSC මැග්නිෆිකා නෞකාව ඉතාලියේ සිට ඕස්ටේ්රලියාව බලා යාත්‍රා කළ නමුත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එම නෞකාවට නැංගූරම්ලෑම සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන් අවස්ථාව ලබා නොදුන් අතර ඒ අනුව අදාළ නෞකාව ඉතාලිය බලා යළි යාත්‍රා කිරීම ආරම්භ කරන ලදී. එම නෞකාව අද දිනයේ ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ අවශ්‍ය සැපයුම් ලබාගැනීමේ අරමුණින්.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා කියාසිටියේ මෙම පුද්ගලයා ශී‍්‍ර ලංකාවට ඇතුළු වුවහොත් අනිවාර්යයෙන්ම ඔහු නිරෝධායන කි‍්‍රයාවලියට ලක් කරන බවයි.