බද්දේගම, හැල්පෙතොට ප්රදේශයේදී ධාවනය වෙමින් තිබූ ත්රිරෝද රථයකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් මේ වනවිට නිකුත් වී තිබේ.
මෙම වෙඩි තැබීමෙන් මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කර ඇත.
CCTV දර්ශනවල දැක්වෙන්නේ මෝටර් රථයක් එම ප්රදේශයට පැමිණීමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයෙකු ඉන් බැස, මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්රිරෝද රථයට වෙඩි තබන ආකාරයයි.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, දෙවැනි පුද්ගලයාද තුවාල හේතුවෙන් මියගොස් ඇති බව පොලිසිය පසුව තහවුරු කර තිබේ.
වෙඩි තැබීමෙන් කාන්තාවන් කිහිපදෙනෙකුද තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



