LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කණ්ඩායම තවදුරටත් පෙරමුණේ

LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාධ ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

එහිදී ඔවුන් මුහුණ දුන් තරග 5න් තරග 4ක් ජයග්‍රහණය කර තිබේ.

දෙවැනි ස්ථානයේ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පසුවන අතර, ඔවුන් මුහුණදුන් තරග 5න් තරග 2ක් ජයග්‍රහණය කර ඇත.

මුහුණ දුන් තරග 5න් 2ක් ජය ගත් ගෝල් මාවල්ස් කණ්ඩායම ප්‍රසාධ ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන්නේය.

කෙසේ වෙතත් කලම්බෝ ජගුවර්ස්, කැන්ඩි බෝල්ට් සහ නුවර එළිය කිංග්ස් යන කණ්ඩායම් තරග 5 බැගින් ක්‍රීඩා කළද ඔවුන්ට එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *